මහනුවර රාජධානිය පැවති සමයේ මෙම ප්‍රදේශයේ පිහිටි දේවාල දේවල හතරකින් දේවාශිර්වාදය ලබා ගැනීම පිණිස රජවරු මෙම ගමට පැමිණි නිසා මහ රජයගොඩ නමින් අතීතයේ හඳුන්වා ඇත. එය අද මාරතුගොඩ යන නාමයෙන් ප්‍රසිද්ධ වී ඇත .
- 1901 වර්ෂය ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නයේ මඟ පෙන්වීම අනුව ප්‍රදේශය ප්‍රභූවරුන් විසින් තීරණය කරන පරිදි 1903 සී.එම්.කුලසේකර මහතා ප්‍රධානාචාර්ය ධූරයට පත්වෙමින් තාවකාලික ගොඩනැගිල්ලක ගුරුභවතුන් තිදෙනකුගෙන් සහ සිසුන් 30 දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භ විය.
- එල්. බී.විජේසුන්දර මහතා 1924 දී විදුහල්පති ධූරයට පත්විය.
- 1935 /05/04 වන දින ග්‍රාමීය අධ්‍යාපන පාඨශාලාවක් බවට පත් වූ මෙම පාසලේ සිසුන් 392ක් හා ගුරුභවතුන් 09 දෙනෙකු සිටියහ .
- 1904 ඉරුදින පාසලක් විදුහලේ ආරම්භ විය
- 1945 වර්ෂයේ කේ.බී. වීරකෝන් මහතා විදුහල්පති ධූරයට පත්ව විශාල සේවයක් කර ඇත .
- 1945/05/04 වන දින ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ වී ද්විභාෂා විදුහලක් බවට පත් විය .
- 1956 සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ නැවත සිංහලෙන් අධ්‍යාපනය ආරම්භ කර ඇත .
- 1957 මහා විද්‍යාලයක් බවට පත් වූ අතර 1961 ප්‍රථම වරට උසස් පාඨමාලා සහතික පත්‍ර විභාගයට සිසුහු ඉදිරිපත් වූහ .
- 1926 උග්ගහ කුඹුරේ එම්.එච් කිරිහාමි මහතා ක්‍රීඩාංගණයක් සඳහා තම කුඹුර පරිත්‍යාග කරන ලදී.





