මහනුවර රාජධානිය පැවති සමයේ මෙම ප්‍රදේශයේ පිහිටි දේවාල දේවල හතරකින් දේවාශිර්වාදය ලබා ගැනීම පිණිස රජවරු මෙම ගමට පැමිණි නිසා මහ රජයගොඩ නමින් අතීතයේ හඳුන්වා ඇත. එය අද මාරතුගොඩ යන නාමයෙන් ප්‍රසිද්ධ වී ඇත .
-
- 1901 වර්ෂය ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නයේ මඟ පෙන්වීම අනුව ප්‍රදේශය ප්‍රභූවරුන් විසින් තීරණය කරන පරිදි 1903 සී.එම්.කුලසේකර මහතා ප්‍රධානාචාර්ය ධූරයට පත්වෙමින් තාවකාලික ගොඩනැගිල්ලක ගුරුභවතුන් තිදෙනකුගෙන් සහ සිසුන් 30 දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භ විය.
- එල්. බී.විජේසුන්දර මහතා 1924 දී විදුහල්පති ධූරයට පත්විය.
- 1935 /05/04 වන දින ග්‍රාමීය අධ්‍යාපන පාඨශාලාවක් බවට පත් වූ මෙම පාසලේ සිසුන් 392ක් හා ගුරුභවතුන් 09 දෙනෙකු සිටියහ .
- 1904 ඉරුදින පාසලක් විදුහලේ ආරම්භ විය
- 1945 වර්ෂයේ කේ.බී. වීරකෝන් මහතා විදුහල්පති ධූරයට පත්ව විශාල සේවයක් කර ඇත .
- 1945/05/04 වන දින ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ වී ද්විභාෂා විදුහලක් බවට පත් විය .
- 1956 සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ නැවත සිංහලෙන් අධ්‍යාපනය ආරම්භ කර ඇත .
- 1957 මහා විද්‍යාලයක් බවට පත් වූ අතර 1961 ප්‍රථම වරට උසස් පාඨමාලා සහතික පත්‍ර විභාගයට සිසුහු ඉදිරිපත් වූහ .
- 1926 උග්ගහ කුඹුරේ එම්.එච් කිරිහාමි මහතා ක්‍රීඩාංගණයක් සඳහා තම කුඹුර පරිත්‍යාග කරන ලදී.
- 1966 වර්ෂයේ එම්.බී.බස්නායක මහතා විදුහල්පති ධූරයට පත්ව නව වෙනස්කම් රාශියක් සිදුකර ඇත.
- 1960 වර්ෂයේ ප්‍රථම නිවාසාන්තර ක්‍රීඩා උත්සවයත්, පාසල් කොඩියක් පාසල් ගීතයක් ආරම්භ කර ඇත .
- 1970 වර්ෂයේ කේ.ආරියරත්න මහතා හත්වන විදුහල්පතිවරයා ලෙස පත්ව ඇත .
- 1977 වර්ෂයේදී ඒ .කේ හේමචන්ද්‍ර මහතා විදුහල්පති ලෙස පත්ව විශාල සේවාවක් කර ඇත .
- 1977 දී බුදු මැදුර ඉදි කරන ලදී .
- 1978 වර්ෂයේදී එච්.කේ.හමන්ගොඩ මහතා විදුහල්පති ධූරයට පත්විය .
- 1981 දී පාසල් සමූපකාරයත්,1983 දී දෙමහල් ගොඩනැගිල්ලත් ඉදි විය .
- 1991 පී.ටී.බණ්ඩාර මහතාගේ රු. 30000/-ක ධන පරිත්‍යාගයෙන් නළ ජලය ලබා දීමත් ආදී ශිෂ්‍ය වෛද්‍ය විමලසිරි මහතාගේ පරිත්‍යාගයෙන් කළු සුදු රූපවාහිනියත් ලබා දීම සිදුවිය .
- රු.5000000/- ක විශේෂ ගොඩනැගිලි අලුත්වැඩියාවක් සිදු විය.
- 1993 ටී.බී.වාසල මහතා මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත් වූ අතර පත්වූ අතර අති මහත් කැප කිරීම් සමුදායක් සිදු සිදු කරමින් විද්‍යාලයීය අධ්‍යාපනය හා භෞතික සම්පත් වෙනුවෙන් නොමැකෙන සේවයක් සිදු කර ඇත.
- මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එදිරිවීර වීරවර්ධන මැතිතුමාගේ මැදිහත් වීමෙන් 1994 දී මධ්‍යම මහා විද්‍යාලයක තත්ත්වයට උසස් වීම් ලද මෙහි තෙමහල් ගොඩනැගිල්ලත්, පරිගණක විද්‍යාගාරයත්, අංග සම්පූර්ණ පුස්තකාලයත්,දෘශ්‍යාගාරයත්, දන්ත චිකිත්සාගාරය ඉදි විය .
- මෙම විද්‍යාලයේ ප්‍රථම විදුහල්පතිනිය ලෙස ඩී.ජයසුන්දර මැතිණිය පත්වීම හා එතැන් සිට විශිෂ්ඨ භෞතික හා මානව සම්පත් සංවර්ධනයක් ලෙස සිදු කරමින් මෙම පාසලේ ඉහළම ස්ථානයකට ගෙන ඒමට කටයුතු කරන ලදී.
- 2006.04.01 දින නවෝද්‍යා පාසලක් බවට පත්වීමෙන් පසු විද්‍යාලය සංවර්ධන සැලැසුම් රාශියක් සිදුවිය.
- 2006.06.15 සිට 06.21 දක්වා ආදි සිසුන් විසින් නවෝද්‍යා සමිතියේ රු. 95500/- ක වටිනාකමින් යුත් අලුත් වැඩියාවක් සිදු කරන ලදී.විද්‍යාල ඉදිරිපස කොඩිකණු පීඨිකාව සකස් කරන ලදී.
- 2006 වර්ෂයේ දී රු. 27,000/- ක ෆිඩ්ස්රෝ ආධාර මත වැසිකිළි පද්ධතියක් ඉදි කරන ලදී.
- 07.23 වන දින පිහිටුවන ලද ආදි ශිෂ්‍ය සංගමයේ විශාල කැපවීමෙන් යුතුව 2007.01.14 දින සිදු කරන ලද ආදි ශිෂ්‍ය හමුවේ දී රු. 65000/- ක ආදි ශිෂ්‍ය ආධාර මත අරමුදල තර කර ගැනීමට හැකි විය. මෙ දින විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් විසින් ප්‍රථම වරට පවත්වන අද සැඳෑ සංගීත සාදය ප්‍රදේශීය කාගේත් ප්‍රශංසාවට ලක් විය.
- ද්විතීයික පාසලක් ලෙස සංවර්ධනය කිරීම .(ඒ යටතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීම.)
- 2013 වර්ෂයේදී විදුහල්පතිනිය ජයසුන්දර මහත්මියට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය සඳහා උසස්වීම් ලැබිණි .
- 07.04 වන දින මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය මාදිපොළ ධම්මික නාහිමියෝ විදුහල්පති ධූරයට පත්වූහ.
- 2013 වර්ෂය වන විට විද්‍යාලයේ සියළුම ගොඩනැගිලි වල පොළොව කොන්ක්‍රීට් දමා සකස් කර රු.80000/- ක වියදමින් තීන්ත ආලේප කිරීම කිරීමට සිදුවිය.
- 2014 වනවිට රුපියල් ලක්ෂ 30 ක වියදමින් විද්‍යාලයේ සියළුම ගොඩනැගිලි අලුත් වැඩියා කරන ලදී.
- 2014 වර්ෂය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන එතුමාගේ විමධ්‍යගත රු. 140000/- ක මුදලින් පෙරදිග තූර්යය වාදක (බාලක) ඛණ්ඩය සඳහා භාණ්ඩ ලබා ගැනීම .
- 2014 වර්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මැතිතුමාගේ මැදිහත් වීමෙන් ලක්ෂ3 ක පානීය ජල ව්‍යාපෘතිය අවසන් කරන ලදී.
- 2014 වර්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මැතිතුමාගේ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ලක්ෂ 14 ක සෞඛ්‍ය පහසුකම් ලබාදීම ද සිදු විය .
- “බිනර ගී දැහැන” සංගීත ප්‍රසංගය තුළින් රු.126000/- ක මුදලක් උපයා විද්‍යාලයේ නිල කබා(බ්ලෙසර්) ලෙස සකස් කෙරිණි .
- බටහිර තූර්ය වාදක ඛණ්ඩය ( බාලක) පිහිටුවීම සිදුවිය.
- බටහිර තූර්ය වාදක ඛණ්ඩය ( බාලක ) සඳහා රු.80000/- ක වියදමින් නිල ඇඳුම් නිර්මාණය කිරීම.
- 2013 ප්‍රධාන ශාලාව රු. 800000/- ක වියදමෙන් කොන්කිට් දැමීම, 2014 වසරේ රු 3000000/- ක වියදමින් වේදිකාව සැකසීම, වහලය ඔසවා සෑදීම, ඉදිරිපස පෝටිකෝව ඉදිකිරීම, ගල් බැමි ඉදිකිරීම, කොඩිකණු සාදා සකස් කිරීම නිම කොට ඇත .
- 2013පාසල් සංවර්ධන සමිතිය ඒකමතයට අනුමැතියෙන් විද්‍යාලයේ නාමය “නාලන්දා විද්‍යාලය” යනුවෙන් ද විද්‍යාලීය ආදර්ශ පාඨය, නිල ලාංඡනය, නිල ඇඳුම, විද්‍යාලයේ දැක්ම හා මෙහෙවර සකස් වීම සඳහා යෝජනා වූ අතර 2014 වන විට එය අමාත්‍යාංශ මට්ටමින් අනුමැත කර ගැනීම විශේෂ වෙනස්කම් අතර වේ .
- 2014 වර්ෂයේ ද්විභාෂා පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලැබීම හා ආරම්භ කිරීම .
- 2014 වර්ෂයේ විද්‍යා ,ගණිත අංශ ආරම්භ කිරීමට අනුමැතිය ලැබීම ආරම්භ කිරීම .
- 2014 වර්ෂයේ විද්‍යාලයේ පැරණි දෙමහල් “ ඊ ” ශාලාවේ දිරා ගිය වහල ඉවත් කොට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මැතිතුමාගේ මැදිහත්වීමෙන් රු. 1050000/- ක මුදල් යොදවා ෂීට් අතරා වහලය ප්‍රතිසංස්කරණය කිරීම.
- විදුහල්පති කාර්යාලය අලුතෙන් සකස් කිරීම, විදුහල්පති මාදිපොල ධම්මික නාහිමිපාණන් වහන්සේගේ පෞද්ගලික මුදලින් එකක් සහ එක්ලක්ෂ හත්දහසක මුදලක් වියදම් කොට ප්‍රසන්න විදුහල්පති කාමරයක් සකස් කිරීම හා අර්ල් ගුණසේකර මැතිතුමා ගේ මැදිහත් වීමෙන් ලක්ෂයක මුදලින් එහි පිඟාන් ගාඩොල් ඇතිරීම.
- ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය විධිමත්ව සකස් කිරීම, මොරන්කන්ද ෆිඩ්ස්රෝ ආයතනයේ ආධාර මත වාර්ෂික පුහුණු වීම් කඳවුරු පැවැත්වීම .
- සිසුන් 74 දෙනෙකු වෙත වෙස් පැළඳවීම සඳහා කටයුතු සූදානම් වන අතර ඇඳුම් සකස් කිරීම සඳහා ගරු කන්තලේ විමලසිරි නාහිමිපාණන් වහන්සේ විසින් රු.120000/- ක මුදලින් දායකත්වය දැරීම විශේෂයකි.එසේම බාලිකාවන් සඳහා ප්‍රථම වරට ශීර්ෂාභරණ පැලඳවීමට කටයුතු කරන ලදී.
- විද්‍යාලයේ සංවර්ධන කටයුතුවලදී ටී.බණ්ඩාර මහතාගේ හා කේෂලා ජයවර්ධන මහත්මියගේ කාරුණික සහයෝගය ගෞරවයෙන් සිහිපත් කළ යුතුය .
- මෙතෙක් 1 C පාසලක පැවති මෙම පාසල 1 AB පාසලක් බවට 2014 වර්ෂයේ පත්වීම විද්‍යාලයේ අධ්‍යාපනික අංශයෙන් ලද ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය..
- මෙතෙක් ද්විතීක විද්‍යාල ප්‍රතිපත්තිය මත ප්‍රාථමික අංශය ඉවත් කර තිබූ පාසලට මාදිපොල ධම්මික නාහිමිපාණන් වහන්සේගේ දායකත්වයෙන්, 2019 වර්ෂය නැවත ප්‍රාථමික අංශය ලබාගැනීම විද්‍යාලයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ලද ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.
- නව දෙමහල් ගොඩනැගිල්ල 2019 වහන්සේ සිසු අයිතියට පත් කළ අතර සර්ව රාත්‍රික පිරිත දේශනා හා දානමය පුණ්‍ය කටයුතු මධ්‍යයෙහි විවෘත කරන ලදී .
- රු. 15000/- ක පමණ වියදමක් දරමින් පස් පාසලේ ගායක කණ්ඩායම සඳහා ඉතා අත්‍යවශ්‍යව තිබු ඇදුම් නිර්මාණය කිරීම 2019 වර්ෂයේ සිදු කරනු ලැබීය.
- 2019 වර්ෂයේ සංගීත හා නැටුම් තරගාවලිය පළාත් මට්ටමින් ජයග්‍රහණ රාශියක් ලබා ගැනීම ,ක්‍රීඩා අංශය බර ඉසිලීම තරග පන්තියෙන් සමස්ත ලංකා රන් පදක්කමක් ලබා ගැනීම,විදුහල් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත .
- 2019 වර්ෂයේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හැදෑරූ ප්‍රථම සිසු කණ්ඩායම අ.පො.ස (සාමාන්‍ය පෙළ ) විභාගයට මුහුණ දුන් අතර විශිෂ්ට සාමාර්ථ 9 ක් සහිතව සිසුන් ප්‍රතිඵල පෙන්වීම එම අංශය ඇතුළු සමස්ත පාසල ලද විශාල ජයග්‍රහණයකි .
- 2020 වර්ෂය ඉතා විශිෂ්ට ශිෂ්‍ය සාධනය මට්ටමින් තුළින් කටුගස්තොට කලාපයේ කැපී පෙනෙන ප්‍රතිඵල පෙන්වමින් අ.පො.ස (සාමාන්‍ය පෙළ ) විභාගයෙන් විද්‍යාලය 96% ක ප්‍රතිඵල පෙන්වමින් එදා මෙදා මෙදා තුර කාලය තුළ පාසලට ඇප කැපව ක්‍රියා කළ සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය කාර්යමණ්ඩලයට සිදු කළ විශිෂ්ට සේවයේ ඵල දැරීමක් ලෙස ඉතිහාසගත වනු ඇත.
- 2020 වර්ෂයේ “ නව ජාතික පාසල් 1000 +” ජාතික ප්‍රතිපත්තිය යටතේ මහනුවර නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය “ මහනුවර නාලන්දා ජාතික පාසල” බවට පත්වීමට වීම පාසල අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වන අතර එය මාදිපොල ධම්මික නාහිමිපාණන් වහන්සේලෙන් සිදු වූ උත්තුංග කාර්යන් අතර ඉහළින්ම දැක්විය හැකිය.
- විද්‍යාලයේ ස්වර්ණමය යුගයකට පණ පොවමින් විද්‍යාලය ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව අනාගත අභිවෘද්ධියට නොමැකෙන සේවයක් ඉටු කර,විද්‍යාලයට මනා කලමනාකරණ හා පරිපාලන නායකත්වයක් ලබාදෙමින් ප්‍රශංසනීය සේවයක් සඳහා අවුරුදු 08 ක කාලයක අනගිභවනීය සේවයක් ඉටු කළ මාදිපොල මාදිපොල ධම්මික නාහිමි 2021.010.25 වනද දින සේවයෙන් විශ්‍රාම ලබා ගත්හ.
|
ආරම්භ කළ වර්ෂය |
1903 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
30 |
|
මුල් ගුරුතුමාගේ නම |
සී.එම්.කුලසේකර මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
සී.එම්.කුලසේකර මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මාරතුගොඩ මධ්‍යම මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1935 මැයි 04 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මාරතුගොඩ |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1903 |





