නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය -

  කටුගස්තොට

නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය

නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025

slider.png
slider.png

විදුහල්පති පණිවිඩය

එච්.එම්.ජී.ඩී.පී.බී.හේරත්

මහනුවර නාලන්දා මැදි විදුමව්න් පුරා වසර 121 කන්ද උඩරට පුරාවරයෙන් නැණ ගුණ දම් මෙන් ම බහුවිධ කුසලතාවයන්ගෙන සපිරි දූ දරැවන් ලොවට දායාද කරන විදුහලකි.අපොස සා. පෙළ මෙන් ම උසස් පෙළ විභාගවල දී ඉතා  ඉහළින් සමත් වීම සහ විශ්ව විද්‍යාල වරම් ලැබීම මෙන් ම සෘන්දර්ය ක්‍රීඩා ..අංශවල දී කලාප පළාත් සමස්ත ලංකා සහ  ජාතික මට්මටමේ ජයග්‍රහන ද ලැබීම  ද විදුහලේ සුලබ ලකුණකි. ඒසේ ම ඒකී කියාවලිය අකණ්ඩව පවත්වා ගෙන යාම වෙනුවෙන් නිරන්තර නව්‍යතාවයන් සහිතව යාවත් කාලිනවන ඇදුරැමඩුල්ලක් ඇතුළු කාර්ය මණ්ඩලයක්  සිටීම පිළිබදව ද අභිමන් පෙරටුව සිහිපත් කරමි.

ඒමෙන් ම තොරතුරැ තාක්ෂණ දැනුම වර්ධනය කොට නූතන සහ අනාගත ලෝකයට දරැවන් මුදා හැරීමේ කියාවලිය කෙරෙහි ද අප විදුහල විශේෂ අවධානයක් යොමු කරන්නෙමු. මෙම වෙබ් අඩවිය විවෘත කිරීමත්  සමග අප විදුහල ද ලෝකයට විවෘත වේ. ඒ හා සැබැදිවෙමින්  තොරතුරැ තාක්ෂණය භාවිත කරගනිමින්  අන්තර් විද්‍යාලීය සහයෝගීතාවය ප්‍රවර්ධනය කරගනිමින් මෙම අවස්ථාව  ඵලදායි ලෙස යොදා ගන්නා ලෙස සිහිපත් කරමි.ඔබට ලැබුණු මේ මහගු අවකාශයේ සිය කුසලතා වර්ධනය කරගනිමින් සයිබර් ලෝකයේ පියාසර කරන්නට සවිය දිරිය ලැබේවායි සියලු දූ පුතුන් ට සුබාසිංශන සුබ පැතුම්  පිරි නමමි.

එච්.එම්.ජී.ඩී.පී.බී.හේරත්
විදුහල්පති
නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය.