නාලන්දා මධ්‍ය විද්‍යාලයේ දුවා දරුවන්ගේ සාරධර්ම වර්ධනය කරලීමේ අරමුණ ඇතිව විදුහලේ විදුහල්පති තුමියගේ හා ආචාර්ය මණ්්ඩලයේ පූර්ණ ආශීර්වාදය ඇතිව පෙර පොහොය වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යෙදුණි.
ඊට සමගාමීව ධර්ම දේශනා,කාව්‍යමය ධර්ම දේශනා,සීල ව්‍යාපාර යනාදී ආගමික කටයුතු සංවිධානය කොට පවත්වන්නට යෙදුණි.පොසොන් පොහොයට සමඟාමීව අනුබුදු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම අනුස්මරණය කරමින් මිහිදු පෙරහැර සංවිධානය කොට පවත්වන්නට යෙදුණි.නාලන්දා විද්‍යාලයෙන් ආරම්භ කොට පූජාපිටිය නගරය දක්වා වීදි සංචාරය කරන්නට යෙදුණි.දේශිය සංස්කෘතියට මුල් තැනැක් දෙමින් විද්‍යාලීය දරුවනගේ නර්තන ඉදිරිපත් කරමින් මිහිදු පෙරහැර විද්‍යාලීය විදුහල්පතිතුමිය ,ආචාර්ය මණ්ඩලය සිසු දරුවන්,දෙමාපියන් හා අවට ජනී ජනයාගේ මෙන්ම කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමියගේද පූර්ණ ආශීර්වාදයෙන් ඉතා උත්කර්ෂවත් මිහිදු පෙරහැරක් පවත්වන්නට යෙදුණි.





